බ්ලෝග්කරනය වර්තමානයේ අන්තර්ජාලයේ පවතින ඉතාමත් ජනප්‍රිය අංගයක්. වර්තමානයේ ශ්‍රී ලංකාවේද ජනප්‍රිය වෙමින් පවතින දෙයක් ලෙස හැදින්විය හැකියි.
මොකක්ද බ්ලෝග් එකක් කියන්නේ ?
බ්ලෝග් අඩවියක් යනු එහි අන්තර්ගත නවතම ලිපි ඉදිරියෙනුත් පැරණි ලිපි පසු පසිනුත් සිටින ලෙස නිර්මාණය වන වෙබ් අඩවි වර්ගයක් හෝ වෙබ් අඩවියක කොටසක් වන අතර ලෙස හැදින්විය හැකියි. බ්ලෝග් අඩවියක් තනි පුද්ගලයෙකු විසින් හෝ ආයතනයක්/කිහිපදෙනෙකු විසින් පවත්වාගෙන යා හැකි අතර බ්ලෝග් අඩවියක පින්තූර , වීඩියෝ ආදිය සාමාන්‍ය වෙබ් අඩවියකට වඩා වැඩි වේ.
බ්ලෝග් අඩවියක විවිධාකාරයේ මාතෘකා වලින් සමන්විත ලිපි හෝ පුවත් තිබිය හැකි අතර බ්ලෝග් අඩවියක් ඔන්ලයින් දිනපොතක් ලෙසද හැදින්විය හැකියි. බ්ලෝග් අඩවියක අන්තර්ගතය අනුව art blog, photo blog, video blog, MP3 blog, podcasting, Micro blog ලෙස ද වර්ග කර දැක්විය හැකියි.
2011/02/16 දින වන විට අන්තර්ජාලය පුරා අතර බ්ලෝග් අඩවි මිලියන 156 ක් පමණ පවතී.

බ්ලෝග් අඩවියක් නිර්මාණය කරන්නේ කොහොමද?
බ්ලෝග් අඩවියක් නිර්මාණය කිරීමේදී යොදාගත හැකි ප්‍රධාන ක්‍රම දෙකක් පවතී.
§  තමන්ගේම වෙබ් හෝස්ටිංග් එකක් භාවිතා කර.
§  බ්ලෝග් අඩවි නිර්මාණයට පහසුකම් සලසන වෙබ් අඩවියක් භාවිතා කර.
§  නොමිලේ ලැබෙන සේවාවක් භාවිතා කර (වඩාත් ජනප්‍රිය ක්‍රමය)
§  මුදල් ගෙවිය යුතු සේවාවක් භාවිතා කර